Submit your work, meet writers and drop the ads. Become a member
Apr 2018
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත්  එසැවෙන  
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ

පොලිස්  බැරියර්  පෙරළනා  
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ

සොච්චම්  වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන්  පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය

පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය  එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය

ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
ප්‍රකට වෘත්තිය සමිති නායකයකු හා වාමාංශිකයකු වූ කුරුවිටගේ ජිනදාස සිල්වා හදිසි අනතුරකින් රෝහල්ගතව සිට පසුගිය 8වැනිදා අභාවයට පත් විය.
Chandana Sirimalwatte
Written by
Chandana Sirimalwatte  Pannipitiya, Sri Lanka
(Pannipitiya, Sri Lanka)   
242
 
Please log in to view and add comments on poems