සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත් එසැවෙන
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ
පොලිස් බැරියර් පෙරළනා
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ
සොච්චම් වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන් පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය
පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය
ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
Apr 12, 2018
Apr 12, 2018 at 11:19 PM UTC
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත් එසැවෙන
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ
පොලිස් බැරියර් පෙරළනා
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ
සොච්චම් වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන් පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය
පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය
ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
ප්‍රකට වෘත්තිය සමිති නායකයකු හා වාමාංශිකයකු වූ කුරුවිටගේ ජිනදාස සිල්වා හදිසි අනතුරකින් රෝහල්ගතව සිට පසුගිය 8වැනිදා අභාවයට පත් විය.
