Hello Poetry
Submit your work and get some sparkles! Create free account
chandana-sirimalwatte
chandana-sirimalwatte
A poem, I would like to write Pen in my hand... It attempts... Choking my throat Unable to recite A poem seeped Down the leaves of An unknown tree … In a virgin forest In the minus degrees Of the remote Antarctica Alone, Amidst of freezing winds Well, well, well, That's enough! Enough of your lies…. Says my conscience!
0
Jun 23, 2021
Jun 23, 2021 at 12:40 PM UTC
A Poem Unknown
ලෙනින් පියවර තබයි ලෝකය වටා .... දේශසීමාවලට නොහැක ඔහු නවතන්නට... නවතාලනු නොහැකිය බැරැක්ක හෝ බැරිකේඩවලිනුත් කටුකම්බි වැටෙන් නොහැකිය තුවාල කෙරුම ද ඔහුට... ලෙනින් පිය සටහන් තබයි මිහිතලය සිසාරා කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ පිළිගනී ඔහු සාදරෙන්.... භාෂාව බාධක නොවේ කිසිදා නෑසූ විරූ අමුතු භාෂා වහරන්නෝ පවා විශ්වාස කරති ඔහු... ලෙනින්ගේ පිය සටහන් ලොව වටා පැතිරෙයි හිරු බැස යයි කැළලක් ලෙසින් අඳුර හා අරුණෝදය අතරින් නැගෙනු බලව අර රතු තරුවක්!
0
Feb 8, 2021
Feb 8, 2021 at 6:30 AM UTC
ලෙනින් (A Translation)
විසි වසරක් ගෙවී නිදිබර දෙනෙත් ඇහැරී සුබ පතන හදවතක ලේ ගලයි නොනැවතී කටු ඇණුන අත්වල නෙලූ මල් නැත පිරි මැද සෙනෙහසින් මල් පෙති පහස ඇත පිටාරව ගලන ගගුලක උල්පතය ප්‍රේමය කාලය විසින් වෙන් කළ ජීවිතය ඇද වැටෙයි පොළොවට වදන්වල ඇමිණී ගිය නුවණ නැත පැමිණී මේ තරම් අහිමි වී අමතක නොවන මිහිරී අලුත්වන හදවත්වල පැරණි රුධිරය උණුසුම් දුක්බර නොමැත සැමරුම් හිමිවන දිනක සුපැතුම්!
0
Oct 27, 2018
Oct 27, 2018 at 7:02 AM UTC
ලිපිනය අහිමි සුබ පැතුමක්!
සියයක් සටන් ඇවිලෙන සහෝදර අත්  එසැවෙන   වීදියේ ගිනි මද්දහනේ ඔබේ රුව දක්නට තියේ පොලිස්  බැරියර්  පෙරළනා   අපේ අයිතිය දියව් කියනා මෙළැවි ඒ අත්වල ජවය ද ඔබම වේ සොච්චම්  වැටුපට කඹුරන එහෙත් කෝපයෙන්  පුපුරන සටනින් තොර ජයක් නොදකින පීඩිත දෑස් ඔබගේමය පියාණෙනි, ගුරුවරයාණෙනි සටන් සගයාණෙනි ඉතින් අරගල සමය  එළැඹෙන වේලාසනම ඔබ නිහඩය ඔබ කී මග ලකුණු පමණක් ගොඩනැගූ ආදර්ශ සහසක් පෙරදැරිව යන අපේ පරපුරට ඉතින් තනියක් නැත!
0
Apr 12, 2018
Apr 12, 2018 at 11:19 PM UTC
කේ.ජේ. සිල්වා වෙනුවෙන්
හිරු එළියක උණුසුම මෙන් සටන් බිමට එක් වූ දිය දහරක සිසිලස මෙන් දයාදරය          දැක් වූ ජීවිතයක උස් අරමුණු පිණිස එ'මග       පෙන්වූ උදෑසනක වියෝගයකි අප හදවත්        තෙත් වූ ගලා යන මේ තරම් කදුළු මේ බිම තෙත් කර වේදනාවෙන් ගලා ගියවග දන්නේ කවුද පියෙකුගේ උතුම් රුහිරු රැයක් මුලුල්ලේ පාලුවේ මියෙන්නට අත හැර දමා ගිය මිනිසකුට කියන්නට තිබුණි පලා ගිය මෘගයාටත් සටන් කළ එකෙකු වග පලා යනවුන් යටත්වනවුන් වෙනුවෙන් පවා ඒ රැයේ සාක්ෂිය දරා මහ පොලොව බදා වැළපෙන අහසටත් ඇති ගුගුර ගුගුරා වහින්නට තරම් ශෝකයක් ඉතින් ඉතිරිද කාලයක් ඔඛට,මේ ලියන මට යම් මොහොතක මියෙන්නට දමා යන්නට පෙර ?
0
Apr 12, 2018
Apr 12, 2018 at 11:09 PM UTC
අවසානයට පෙර ලියමි !
එතරම් සුන්දරය මිනිසුන්.... දිගු කෙස් ඇති මිනිසුන් කෙටි කෙස් ඇති මිනිසුන් කොළවන් ඇස් ඇති මිනිසුන් නිල්වන් ඇස් දුඹුරුවන් ඇස් කහවන් ඇස් ඇති මිනිසුන්.... පුලූල් සිනා ඇති මිනිසුන් ඉක්මන් කෙටි සිනා ඇතිවුන් වක‍්‍ර ඇති උන් එසේ නැතිවුන් උස් දේහ ඇති මිනිසුන් මිටි දේහධාරින් පච්ච කොටාගත් මිනිසුන් විදගෙන කරාබු සවිකරපු උන් කොණ්ඩා පාට කළවුන් වෙනස් වූ හැම විදියටම තමන් හඳුන්වාගන්න උන් ඇඳුම් අඳින මිනිසුන් ඒවා නැතිව ඉන්නට කැමති උන් මනෝමයෙන් ගණන් හදනවුන් නින්දෙන් සිත්තම් අඳිනවුන් නිදහසේ එළිපිටම පෙම් කරනවුන් කෙල්ලන් කොල්ලන් එහෙමම නැති දෙගොල්ලන් සියල්ලන් කිසිවක්ම නැති ඔව් නෑ සමහර විට ඉතින් කොහොමද තීරණය කරන්නෙ? උන් හැමෝම සුන්දරයිනෙ !
0
Mar 29, 2018
Mar 29, 2018 at 1:09 PM UTC
මිනිසුන්ට පෙම් කරමි! (Translation)
එතරම් සුන්දරය මිනිසුන්.... දිගු කෙස් ඇති මිනිසුන් කෙටි කෙස් ඇති මිනිසුන් කොළවන් ඇස් ඇති මිනිසුන් නිල්වන් ඇස් දුඹුරුවන් ඇස් කහවන් ඇස් ඇති මිනිසුන්.... පුලූල් සිනා ඇති මිනිසුන් ඉක්මන් කෙටි සිනා ඇතිවුන් වක‍්‍ර ඇති උන් එසේ නැතිවුන් උස් දේහ ඇති මිනිසුන් මිටි දේහධාරින් පච්ච කොටාගත් මිනිසුන් විදගෙන කරාබු සවිකරපු උන් කොණ්ඩා පාට කළවුන් වෙනස් වූ හැම විදියටම තමන් හඳුන්වාගන්න උන් ඇඳුම් අඳින මිනිසුන් ඒවා නැතිව ඉන්නට කැමති උන් මනෝමයෙන් ගණන් හදනවුන් නින්දෙන් සිත්තම් අඳිනවුන් නිදහසේ එළිපිටම පෙම් කරනවුන් කෙල්ලන් කොල්ලන් එහෙමම නැති දෙගොල්ලන් සියල්ලන් කිසිවක්ම නැති ඔව් නෑ සමහර විට ඉතින් කොහොමද තීරණය කරන්නෙ? උන් හැමෝම සුන්දරයිනෙ !
Continue reading...
35
ආදරය කරන විට ඔබ කරන්න එය සඳ මෙන් රාත‍්‍රිය සොරකම් නොකරමින් හෙළිදරව් කරමින් අඳුරෙහි සුන්දරත්වය.... ආදරය කරන විට ඔබ කරන්න එය වැස්ස මෙන් සිරුර තෙතබත් නොකර සෙමෙන් සෝදා හරිමින් ආත්මය කිළිටි කරවන දුක ආදරය කරන විට ඔබ කරන්න සුළඟ මෙන් ගත දුරක පා නොකරමින් ජීවිත දාහය නිවා දමමින් ආදරය කරන විට ඔබ කරන්න හිරු මෙන් තාපයෙන් දවා නොමහරිමින් ආලෝකයද උණුසුමද හිමිකරමින් ආදරය කරන විට ඔබ කරන්න එය තරු මෙන් හුදු ප‍්‍රමෝදයෙන් නොමදිලෙමින් මරණයෙන් පවා වෙන් නොකරමින් ඉතින් තවදුරටත් ආදරය කරනවිට ඔබ කරන්න මුලූ මහත් විශ්වය මෙන් හුදෙක් එහි කොටසක් නොවී
0
Mar 24, 2018
Mar 24, 2018 at 10:37 AM UTC
ආදරය පිළිබඳ උපදෙස් පත්රිකාව (Translation)
හමුවිනි මට තොටියෙක් ඇතිව ලයෙහී ඇනුණු සිරියක් අසා සිටි කල දිවි පවත පිලිවදත් දිනි භෙනෙම තනනු වස් මිහිමත ස්වර්ගයක් වෙහෙස වෙමි දිව රෑ මිනිසුන් අතර යේසුස් සැරිසරයි  රුදුරු බෘෘටස්
0
Jan 23, 2018
Jan 23, 2018 at 11:43 AM UTC
දිවි පවත
please get out of my head. get out of my head! it's so painful to have you here yet i'm always fighting for you to stay so do me a favor just get out i know you don't care you don't act like it you ignore me you neglect me you reject me and yet you said you loved me? how could you? to be honest.. how could i? to fall for your lies... i'm such a **** fool why do i love you? it makes no sense i have to block you for some peace, until i come crawling back in hopes of gaining your attention it hurts so much all of this, caring about you. i'm crying so much i took my glasses off i can barely see the screen on which i'm typing almost like i can barely see my feelings as something important to you sigh i have so much to do homework studying meditation i even have a potential relationship and yet i can't do any of it none of it keeps my focus why? because of you! why can't you listen to my plead? i don't know Please, Just! Get! Out! Of! My! Head! before i blow you out with a bullet.
0
Jan 23, 2018
Jan 23, 2018 at 11:35 AM UTC
Get Out
If you love someone That doesn't mean You expect things in return If you care, someone It doesn't mean Need a payback. When you whisper the affection The words are words you express But the meaning is beyond the words It remains deeply within If you don't mean What you utter softly Then you don't cheat anybody Other than yourself Life you chose and abide Shared everything Thinking and inking which A pen writing blood red Love and living is balancing One leaves the other off balance Even though waiting alone Difficult to keep the balance The love is what you say But that means you have passion The trust you present in words And you're entrusted Kiss and hug is overt, Trust and care is inert No one's able to hurt And you always live alert !
0
Sep 22, 2017
Sep 22, 2017 at 10:32 AM UTC
Abide and Alert !