#flsp
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත් එසැවෙන
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ
පොලිස් බැරියර් පෙරළනා
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ
සොච්චම් වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන් පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය
පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය
ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
Apr 12, 2018
Apr 12, 2018 at 11:19 PM UTC
හිරු එළියක උණුසුම මෙන් සටන් බිමට එක් වූ
දිය දහරක සිසිලස මෙන් දයාදරය දැක් වූ
ජීවිතයක උස් අරමුණු පිණිස එ'මග පෙන්වූ
උදෑසනක වියෝගයකි අප හදවත් තෙත් වූ
ගලා යන මේ තරම් කදුළු
මේ බිම තෙත් කර වේදනාවෙන්
ගලා ගියවග දන්නේ කවුද
පියෙකුගේ උතුම් රුහිරු
රැයක් මුලුල්ලේ පාලුවේ
මියෙන්නට අත හැර දමා ගිය
මිනිසකුට කියන්නට තිබුණි
පලා ගිය මෘගයාටත්
සටන් කළ එකෙකු වග
පලා යනවුන්
යටත්වනවුන්
වෙනුවෙන් පවා
ඒ රැයේ සාක්ෂිය දරා
මහ පොලොව බදා වැළපෙන
අහසටත් ඇති ගුගුර ගුගුරා
වහින්නට තරම් ශෝකයක්
ඉතින් ඉතිරිද කාලයක්
ඔඛට,මේ ලියන මට
යම් මොහොතක
මියෙන්නට දමා යන්නට පෙර ?
Apr 12, 2018
Apr 12, 2018 at 11:09 PM UTC