A poem,
I would like to write
Pen in my hand...
It attempts...
Choking my throat
Unable to recite
A poem seeped
Down the leaves of
An unknown tree …
In a virgin forest
In the minus degrees
Of the remote Antarctica
Alone,
Amidst of freezing winds
Well, well, well,
That's enough!
Enough of your lies….
Says my conscience!
Jun 23, 2021
Jun 23, 2021 at 12:40 PM UTC
ලෙනින් පියවර තබයි
ලෝකය වටා ....
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට...
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට...
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්....
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු...
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර
රතු තරුවක්!
Feb 8, 2021
Feb 8, 2021 at 6:30 AM UTC
විසි වසරක් ගෙවී
නිදිබර දෙනෙත් ඇහැරී
සුබ පතන හදවතක
ලේ ගලයි නොනැවතී
කටු ඇණුන අත්වල
නෙලූ මල් නැත
පිරි මැද සෙනෙහසින්
මල් පෙති පහස ඇත
පිටාරව ගලන ගගුලක
උල්පතය ප්‍රේමය
කාලය විසින් වෙන් කළ
ජීවිතය ඇද වැටෙයි පොළොවට
වදන්වල ඇමිණී
ගිය නුවණ නැත පැමිණී
මේ තරම් අහිමි වී
අමතක නොවන මිහිරී
අලුත්වන හදවත්වල
පැරණි රුධිරය උණුසුම්
දුක්බර නොමැත සැමරුම්
හිමිවන දිනක සුපැතුම්!
Oct 27, 2018
Oct 27, 2018 at 7:02 AM UTC
සියයක් සටන් ඇවිලෙන
සහෝදර අත් එසැවෙන
වීදියේ ගිනි මද්දහනේ
ඔබේ රුව දක්නට තියේ
පොලිස් බැරියර් පෙරළනා
අපේ අයිතිය දියව් කියනා
මෙළැවි ඒ අත්වල
ජවය ද ඔබම වේ
සොච්චම් වැටුපට කඹුරන
එහෙත් කෝපයෙන් පුපුරන
සටනින් තොර ජයක් නොදකින
පීඩිත දෑස් ඔබගේමය
පියාණෙනි, ගුරුවරයාණෙනි
සටන් සගයාණෙනි ඉතින්
අරගල සමය එළැඹෙන
වේලාසනම ඔබ නිහඩය
ඔබ කී මග ලකුණු පමණක්
ගොඩනැගූ ආදර්ශ සහසක්
පෙරදැරිව යන අපේ පරපුරට
ඉතින් තනියක් නැත!
Apr 12, 2018
Apr 12, 2018 at 11:19 PM UTC
හිරු එළියක උණුසුම මෙන් සටන් බිමට එක් වූ
දිය දහරක සිසිලස මෙන් දයාදරය දැක් වූ
ජීවිතයක උස් අරමුණු පිණිස එ'මග පෙන්වූ
උදෑසනක වියෝගයකි අප හදවත් තෙත් වූ
ගලා යන මේ තරම් කදුළු
මේ බිම තෙත් කර වේදනාවෙන්
ගලා ගියවග දන්නේ කවුද
පියෙකුගේ උතුම් රුහිරු
රැයක් මුලුල්ලේ පාලුවේ
මියෙන්නට අත හැර දමා ගිය
මිනිසකුට කියන්නට තිබුණි
පලා ගිය මෘගයාටත්
සටන් කළ එකෙකු වග
පලා යනවුන්
යටත්වනවුන්
වෙනුවෙන් පවා
ඒ රැයේ සාක්ෂිය දරා
මහ පොලොව බදා වැළපෙන
අහසටත් ඇති ගුගුර ගුගුරා
වහින්නට තරම් ශෝකයක්
ඉතින් ඉතිරිද කාලයක්
ඔඛට,මේ ලියන මට
යම් මොහොතක
මියෙන්නට දමා යන්නට පෙර ?
Apr 12, 2018
Apr 12, 2018 at 11:09 PM UTC
එතරම් සුන්දරය මිනිසුන්....
දිගු කෙස් ඇති මිනිසුන්
කෙටි කෙස් ඇති මිනිසුන්
කොළවන් ඇස් ඇති මිනිසුන්
නිල්වන් ඇස්
දුඹුරුවන් ඇස්
කහවන් ඇස් ඇති
මිනිසුන්....
පුලූල් සිනා ඇති මිනිසුන්
ඉක්මන් කෙටි සිනා ඇතිවුන්
වක‍්‍ර ඇති උන්
එසේ නැතිවුන්
උස් දේහ ඇති මිනිසුන්
මිටි දේහධාරින්
පච්ච කොටාගත් මිනිසුන්
විදගෙන කරාබු සවිකරපු උන්
කොණ්ඩා පාට කළවුන්
වෙනස් වූ හැම විදියටම තමන්
හඳුන්වාගන්න උන්
ඇඳුම් අඳින මිනිසුන්
ඒවා නැතිව ඉන්නට කැමති උන්
මනෝමයෙන් ගණන් හදනවුන්
නින්දෙන් සිත්තම් අඳිනවුන්
නිදහසේ එළිපිටම පෙම් කරනවුන්
කෙල්ලන්
කොල්ලන්
එහෙමම නැති
දෙගොල්ලන්
සියල්ලන්
කිසිවක්ම නැති
ඔව්
නෑ
සමහර විට
ඉතින් කොහොමද තීරණය කරන්නෙ?
උන් හැමෝම සුන්දරයිනෙ !
Mar 29, 2018
Mar 29, 2018 at 1:09 PM UTC
ආදරය කරන විට ඔබ
කරන්න එය සඳ මෙන්
රාත‍්‍රිය සොරකම් නොකරමින්
හෙළිදරව් කරමින්
අඳුරෙහි සුන්දරත්වය....
ආදරය කරන විට ඔබ
කරන්න එය වැස්ස මෙන්
සිරුර තෙතබත් නොකර
සෙමෙන් සෝදා හරිමින්
ආත්මය කිළිටි කරවන දුක
ආදරය කරන විට ඔබ
කරන්න සුළඟ මෙන්
ගත දුරක පා නොකරමින්
ජීවිත දාහය නිවා දමමින්
ආදරය කරන විට ඔබ
කරන්න හිරු මෙන්
තාපයෙන් දවා නොමහරිමින්
ආලෝකයද උණුසුමද හිමිකරමින්
ආදරය කරන විට ඔබ
කරන්න එය තරු මෙන්
හුදු ප‍්‍රමෝදයෙන් නොමදිලෙමින්
මරණයෙන් පවා වෙන් නොකරමින්
ඉතින් තවදුරටත්
ආදරය කරනවිට ඔබ
කරන්න මුලූ මහත් විශ්වය මෙන්
හුදෙක් එහි කොටසක් නොවී
Mar 24, 2018
Mar 24, 2018 at 10:37 AM UTC
හමුවිනි මට තොටියෙක්
ඇතිව ලයෙහී ඇනුණු සිරියක්
අසා සිටි කල දිවි පවත
පිලිවදත් දිනි භෙනෙම
තනනු වස් මිහිමත ස්වර්ගයක්
වෙහෙස වෙමි දිව රෑ
මිනිසුන් අතර යේසුස්
සැරිසරයි රුදුරු බෘෘටස්
Jan 23, 2018
Jan 23, 2018 at 11:43 AM UTC
If you love someone
That doesn't mean
You expect things in return
If you care, someone
It doesn't mean
Need a payback.
When you whisper the affection
The words are words you express
But the meaning is beyond the words
It remains deeply within
If you don't mean
What you utter softly
Then you don't cheat anybody
Other than yourself
Life you chose and abide
Shared everything
Thinking and inking which
A pen writing blood red
Love and living is balancing
One leaves the other off balance
Even though waiting alone
Difficult to keep the balance
The love is what you say
But that means you have passion
The trust you present in words
And you're entrusted
Kiss and hug is overt,
Trust and care is inert
No one's able to hurt
And you always live alert !
Sep 22, 2017
Sep 22, 2017 at 10:32 AM UTC
වස්සානයක ගලා යන්නට ඉවුරු තලයක පෙති ලිහී
නියං සමයක රුදුරු ලෙස පතුළම දකී ඒ ගඟුලෙහී
මාවතක උයනක දෙඩූ තෙපුළක අරුත සොයනා එහී
සයුරු මුවදොර උරාගත් රස මතකයෙන් නම් නොගිලිහී
අඳුර දැක අතපත ගගා දොර විවර කරගත් එළියකී
එළිය සඟවා රිදුණු හද ගොලු කරන සීතල වතුරකී
පැසව පැසවා තබන පද‘රුත් නැතිව අමුණන පිරුළකී
වතමඬල දැකුමත් නොවන්නට කිහිරඟුරු ආකරයකී
විඳින හිරිහැර විඳිමි උමතුව ගියද අරුතක් මට ඇතී
සිහින ලොව මැද දකිමි සඳදිය දෝවනය කර පැන යතී
පරණ වූ වගවිත්ති අප හැර කිසිවකුත් දන්නේ නැතී
අරුණ උදයක අවදිවන්නට පවා සුවඳක් ළඟ ඇතී
ඉකි ගසා පල නැත දෙනෙත් අග කදුළු කැට වියළී යතී
මග අසා මඳ දුරක් ගිය කල මිරිගුවකි මග නොම දකී
තටු ගසා ඉගිලෙන්න සැරසෙන පෙමාදරයක විහඟකී
සදාකාලික අඳුර වෙත පැන පළා යනු බැරි බැඳුමකී
Aug 27, 2017
Aug 27, 2017 at 11:15 AM UTC
