Hello Poetry
Submit your work and get some sparkles! Create free account
#sujithkuruwita
සියයක් සටන් ඇවිලෙන සහෝදර අත්  එසැවෙන   වීදියේ ගිනි මද්දහනේ ඔබේ රුව දක්නට තියේ පොලිස්  බැරියර්  පෙරළනා   අපේ අයිතිය දියව් කියනා මෙළැවි ඒ අත්වල ජවය ද ඔබම වේ සොච්චම්  වැටුපට කඹුරන එහෙත් කෝපයෙන්  පුපුරන සටනින් තොර ජයක් නොදකින පීඩිත දෑස් ඔබගේමය පියාණෙනි, ගුරුවරයාණෙනි සටන් සගයාණෙනි ඉතින් අරගල සමය  එළැඹෙන වේලාසනම ඔබ නිහඩය ඔබ කී මග ලකුණු පමණක් ගොඩනැගූ ආදර්ශ සහසක් පෙරදැරිව යන අපේ පරපුරට ඉතින් තනියක් නැත!
0
Apr 12, 2018
Apr 12, 2018 at 11:19 PM UTC
කේ.ජේ. සිල්වා වෙනුවෙන්