ලෙනින් පියවර තබයි
ලෝකය වටා ....
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට...
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට...
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්....
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු...
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර
රතු තරුවක්!
Feb 8, 2021
Feb 8, 2021 at 6:30 AM UTC
ලෙනින් පියවර තබයි
ලෝකය වටා ....
දේශසීමාවලට නොහැක
ඔහු නවතන්නට...
නවතාලනු නොහැකිය
බැරැක්ක හෝ බැරිකේඩවලිනුත්
කටුකම්බි වැටෙන් නොහැකිය
තුවාල කෙරුම ද ඔහුට...
ලෙනින් පිය සටහන් තබයි
මිහිතලය සිසාරා
කලු, දුඹුරු සහ සුදු සියල්ලෝ
පිළිගනී ඔහු සාදරෙන්....
භාෂාව බාධක නොවේ
කිසිදා නෑසූ විරූ
අමුතු භාෂා වහරන්නෝ
පවා විශ්වාස කරති ඔහු...
ලෙනින්ගේ පිය සටහන්
ලොව වටා පැතිරෙයි
හිරු බැස යයි
කැළලක් ලෙසින්
අඳුර හා අරුණෝදය අතරින්
නැගෙනු බලව අර
රතු තරුවක්!
මේ කව, ලැංග්ස්ටන් හියුස්ගේ 'Lenin' නම් කවියේ පරිවර්තනයකි. ලැංග්ස්ටන් හියුස්, (James Mercer Langston Hughes/ 1901 -1967) අප්‍රිකානු අමෙරිකානු කවියා, වඩාත් ප්‍රසිද්ධ වූයේ හාලෙම් විරෝධතා ව්‍යාපාරයේ නායකයකු ලෙසයි.
