Submit your work, meet writers and drop the ads. Become a member
Jun 2017
මට තියනවා මතකයක්
දැකලා තියනවා කියල
අහල තියනවා කියලා
දැනිල තියනවා කියල
ජීවත් උන අතීතයේ යම් දවසක්

මේ ගෙවෙන කාලයත්
මම විදලා තියනවා
මට එහෙම මතකයක් තියෙනවා
හෙට දවසත් මම  දන්නවා
ඒක හරි රසවත්
අමතක මතකයක්
පුරුදු රසයක්
සොඳුරු කාරුණික හිනාවක්

මට නවතින්න තැනක් දෙන්න
ටික කාලෙකට
මට කාලය තේරුම් ගන්න
නතර වෙන්න
තැනක් දෙන්න ටිකකට
මගේ මතකය එකක්
කරගන්න

හරිම නිවීමක් ඒක
අමතක මතකයක්
පුරුදු රසයක්
සොඳුරු කාරුණික හිනාවක්
© shanikayrs
shanika yrs
Written by
shanika yrs  United Kingdom
(United Kingdom)   
469
 
Please log in to view and add comments on poems