Submit your work, meet writers and drop the ads. Become a member
Jun 2017
එයාගෙ  ඇස් මට කිව්ව
කවිකයක් අහන්න  ඕනෙ කියල
සරාගී කවියක්
දන්න  නොදන්න
සියුම් වේදනාවෙන් පිරිච්ච්ච
හිත ඇතුලෙ කළුවර තැන් වල
ඇස් දෙක පියාගෙන ලියපු
සරාගී කවියක්

හදවතේ භාෂාවෙන් ලියපු
නිශ්ශබ්ද ස්වරයෙන් කියන
අපේ මත් උන ඇස් වලින්
කිෂිජයේදී රඟදෙන
රන් පාට ඒ කවිය
විදුලියක් උනා ඇයට
නිදහසක් උනා විශ්වයට

ඔව් , 'නෑ' කිව්වෙ 'ඔව්'
ප්‍රතිවිරුද්ධ , සදාතනික
හදවතේ භාෂාවේ
ආදරයෙ ගිනි දැල්ලේ
සරා ගීම කවිය මම ලිව්වෙ
ඒ ඇස් වලින් මම දැකපු
වෙන කවුරුවත්ම  නොදැකපු
අහිංසක දඟකාරිට‍
© shanikayrs
shanika yrs
Written by
shanika yrs  Colombo
(Colombo)   
398
 
Please log in to view and add comments on poems