Hello Poetry
Submit your work and get some sparkles! Create free account
ආදරය කරන විට ඔබ කරන්න එය සඳ මෙන් රාත‍්‍රිය සොරකම් නොකරමින් හෙළිදරව් කරමින් අඳුරෙහි සුන්දරත්වය.... ආදරය කරන විට ඔබ කරන්න එය වැස්ස මෙන් සිරුර තෙතබත් නොකර සෙමෙන් සෝදා හරිමින් ආත්මය කිළිටි කරවන දුක ආදරය කරන විට ඔබ කරන්න සුළඟ මෙන් ගත දුරක පා නොකරමින් ජීවිත දාහය නිවා දමමින් ආදරය කරන විට ඔබ කරන්න හිරු මෙන් තාපයෙන් දවා නොමහරිමින් ආලෝකයද උණුසුමද හිමිකරමින් ආදරය කරන විට ඔබ කරන්න එය තරු මෙන් හුදු ප‍්‍රමෝදයෙන් නොමදිලෙමින් මරණයෙන් පවා වෙන් නොකරමින් ඉතින් තවදුරටත් ආදරය කරනවිට ඔබ කරන්න මුලූ මහත් විශ්වය මෙන් හුදෙක් එහි කොටසක් නොවී
0
Mar 24, 2018
Mar 24, 2018 at 10:37 AM UTC
ආදරය පිළිබඳ උපදෙස් පත්රිකාව (Translation)

(Jasleen Kalra නමැති ඉන්දිය කිවිඳිය HelloPoetry හි පළ කළ And if you are to love කවියේ පරිවර්තනයකි)
chandana-sirimalwatte
Written by
Mar 24, 2018
Mar 24, 2018 at 10:37 AM UTC
Request permission to use this poem