වස්සානයක ගලා යන්නට ඉවුරු තලයක පෙති ලිහී
නියං සමයක රුදුරු ලෙස පතුළම දකී ඒ ගඟුලෙහී
මාවතක උයනක දෙඩූ තෙපුළක අරුත සොයනා එහී
සයුරු මුවදොර උරාගත් රස මතකයෙන් නම් නොගිලිහී
අඳුර දැක අතපත ගගා දොර විවර කරගත් එළියකී
එළිය සඟවා රිදුණු හද ගොලු කරන සීතල වතුරකී
පැසව පැසවා තබන පද‘රුත් නැතිව අමුණන පිරුළකී
වතමඬල දැකුමත් නොවන්නට කිහිරඟුරු ආකරයකී
විඳින හිරිහැර විඳිමි උමතුව ගියද අරුතක් මට ඇතී
සිහින ලොව මැද දකිමි සඳදිය දෝවනය කර පැන යතී
පරණ වූ වගවිත්ති අප හැර කිසිවකුත් දන්නේ නැතී
අරුණ උදයක අවදිවන්නට පවා සුවඳක් ළඟ ඇතී
ඉකි ගසා පල නැත දෙනෙත් අග කදුළු කැට වියළී යතී
මග අසා මඳ දුරක් ගිය කල මිරිගුවකි මග නොම දකී
තටු ගසා ඉගිලෙන්න සැරසෙන පෙමාදරයක විහඟකී
සදාකාලික අඳුර වෙත පැන පළා යනු බැරි බැඳුමකී
Aug 27, 2017
Aug 27, 2017 at 11:15 AM UTC

The poem is in Sinhala language. I would like to translate it later, for the English readers.