ආදරයේ නිම් වළලු සොයාගෙන
මා දුරු කතරක පියමැන්නා
සීතල පිණි බිදු කොපුල් තෙමන විට
සීතල සද ඔච්චම් කෙරුවා
අහසේ තරුකැට එක එක ගනිමින්
ඔබ සැගවී කොහෙදැයි සෙව්වා
අනන්ත සයුරේ රළ පෙළ අතරේ
ඔබ සැගවී කොහිදැයි සෙවුවා
හීතල හුළගක් ගත දවටාගෙන
හදවත පිස ඈතට ඇදුණා
කලුවර සෙවණැලි අතරේ සැගවෙන
ඔබගේ රුව නොපෙනී පෙනුනා
හදවත දෙදරා ඉකිබිදිනා විට
ඔබ මා ලග නැති බව දැනුණා
පාලුව තනිකම මා වෙළනා විට
අදුරු වළාවන් මට අත වැනුවා
Nov 20, 2018
Nov 20, 2018 at 5:58 AM UTC
ආදරයේ නිම් වළලු සොයාගෙන
මා දුරු කතරක පියමැන්නා
සීතල පිණි බිදු කොපුල් තෙමන විට
සීතල සද ඔච්චම් කෙරුවා
අහසේ තරුකැට එක එක ගනිමින්
ඔබ සැගවී කොහෙදැයි සෙව්වා
අනන්ත සයුරේ රළ පෙළ අතරේ
ඔබ සැගවී කොහිදැයි සෙවුවා
හීතල හුළගක් ගත දවටාගෙන
හදවත පිස ඈතට ඇදුණා
කලුවර සෙවණැලි අතරේ සැගවෙන
ඔබගේ රුව නොපෙනී පෙනුනා
හදවත දෙදරා ඉකිබිදිනා විට
ඔබ මා ලග නැති බව දැනුණා
පාලුව තනිකම මා වෙළනා විට
අදුරු වළාවන් මට අත වැනුවා
